මහාචාර්ය මෙත්තිකා ඩෙන්මාර්ක් මුගටි ගැන බොරු කියලා! කොරෝනා සහ මුගටි ආදාහනය අතර සම්බන්ධයක් නෑ!

December 24, 2020 at 5:47 pm | by emanisa.lk

කොරෝනා ප්‍රභේදයක් ආසාදනය වීම නිසා ඩෙන්මාර්කයේ මරා වැළලූ මුගටි සිරුරු මිලියන 17 නැවත ගොඩගෙන විනාශ කර ඇත්තේ එම සිරුරුවලින් භූගත ජලයට කොරෝනා වෛරසය මුසු වීමේ අවදානම නිසා යැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තික විතානගේ පසුගියදා ප්‍රකාශ කළා ය.

කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමේ භයානකකම එමගින් පැහැදිලි වන බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.

කෙසේ වුව ද එවැනි කිසිදු වාර්තාවක් හෝ පර්යේෂණ පත්‍රිකාවක් ඩෙන්මාර්ක රජය මගින් හෝ කිසිදු වගකිව යුතු ආයතනයක් මගින් නිකුත් කර නොමැති බව ඇතැම් කණ්ඩායම් විසින් පෙන්වා දී තිබේ.

එම සත්ව සිරුරුවල ඇති පොස්පරස් සහ නයිට්‍රජන් ඒවා වළ දැමූ භූමිය අවට බිම්වලට මහා පරිමාණයෙන් එකතු වීමේ අවදානමක් ඇති නිසා ඒවා ආදාහනය කිරීමට තීන්දු කළ බව ද ගාර්ඩියන් පුවත්පත වාර්තා කර තිබේ.

අදාළ ගාර්ඩියන්වා ර්තාව පහත දැක්වෙයි.

https://www.theguardian.com/world/2020/nov/27/denmark-dig-up-cremate-mink-killed-covid-cull

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස