මම මේ රටේ ජනතාවගේ ආයු කාලය වසර 4කින් වැඩි කළා! – රාජිත

September 20, 2019 at 7:46 pm | by emanisa.lk

වත්මන් රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ වෙන් කර ඇති ප්‍රතිපාදන හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන්ට අනුව තවත් වසර 2ක් ඇතුළත එක් පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 4කින් පමණ වැඩිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව 2016 වසරේ දී ශ්‍රී ලංකාවේ පිරිමි පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 72 ක් වන අතර කාන්තාවකගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 78 කි.

“රජයක් වශයෙන් සෞඛ්‍ය සේවාව ජනතාව අතරට ගෙන යාම සඳහා නිදහස් සෞඛ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා. 2015 මම වැඩ භාර ගන්නකොට නිදහස් සෞඛ්‍ය සේවාවක් කිව්වාට සමහර අංශවල නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබුණේ නැහැ. නිදහස් සෞඛ්‍ය සේවාවේ නිදහස්ව නොතිබුණු සියලු අංශ නිදහස් කළා. තව නොබෝ දිනකින් පෙණහළු බද්ධයත් සිදු කරනවා.

මේ රජය විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වියදම් කරනවා. මේ කටයුතුවල ප්‍රතිඵල එන්නේ තව අවුරුදු 02කින් විතර. එතකොට මිය යන්ට හිටපු පිරිසේ ජීවිත ආරක්ෂා වෙලා. ජිවිත ආයු කාලය අද තියෙනවාට වඩා වැඩි වෙනවා. අවුරුදු 04 ක් විතර සමාන්‍ය ආයු කාලය වැඩි වෙයි. අද තියෙන ප්‍රශස්ත සෞඛ්‍ය සේවය මේකයි.”

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති පරිපුරක අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පත්වීම් 703 ක් සහ සුළු සේවා පාලක පත්වීම් 108 ක් ලබාදීමේ උත්සවය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස