මම ජනාධිපති වෙනකොට උදාවෙන්නේ ජනතාව සුරසැප විඳින පාලකයන් දුෂ්කර ක්‍රියා කරන යුගයක්! – සජිත්

November 6, 2019 at 8:47 am | by emanisa.lk

නොවැම්බර් 16 වෙනිදාට පසු උදාවන්නේ මේ රටේ ජනතාව සුරසැප විඳින පාලකයන් දුෂ්කරක්‍රියා කරන යුගයක් බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් ජනතාව සිතා සිටින්නේ එහි අනිත් පැත්ත බවත් 16 වෙනිදා සිට ලොකුම හැන්දෙන් බෙදන්නේ මේ රටේ ජනතාවට බවත් හෙතෙම අවධාරණය කරයි.

මයිංගණය ප්‍රදේශයේ (04) ජනහමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තමා ලබා දෙන සියලුම පොරොන්දු ඉටු කිරීමට මහා භාණ්ඩාගාරයේ මුදල් ඇති බව ද දූෂණය වංචාව නතර කර මුදල් ඉතිරි කරගන්නා බව ද ඇමතිවරයා පවසයි.

තමන්ගේ කොන්ද පණ ඇති බවත් රට ජාතිය පාවා නොදෙන බවත් ආගම සහ ජන්මෙ නොවිකුණන බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස