මතින් නිදහස් රටක් උදෙසා බක්මහ දිවුරුම අද!

April 3, 2019 at 8:02 am | by admin

මතින් නිදහස් රටක් උදෙසා රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අද උදෑසන 8.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්වේ.

සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාදයෙන් පැවැත්වෙන බක්මහ දිවුරුම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද එක්වීමට නියමිත ය.

මෙම වැඩසටහනට සියලු ජනතාවට එක්වන්නැයි ආරාධනා කරන අතර විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කෙරෙනු ඇත. දීප ව්‍යාප්තව රාජ්‍ය සේවකයන් ද ජනතාව ද පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමග එක්වීමට නියමිත ය.

අද පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහ ජනතාව බක්මහ දිවුරුමට එක් කර ගැනීමට කටයුතු සලසා තිබෙන අතර, පෙරවරු 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබා දීම සිදු කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස