මගේ සහාය වැඩ කරන්න පුළුවන් අපේක්ෂකයකුට විතරයි! අපේක්ෂකයාගේ පක්ෂයට මට අදාළ නෑ! – අර්ජුන වැඩ උඩට නඟී….

August 12, 2019 at 11:15 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට තනිව මැතිවරණ ජයග්‍රහණය බලාපොරොත්තු විය නොහැකි අතර එසේ සිතනවා නම් එය හීනයක් පමණක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (11) මව්රට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි – සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද්‍රයේ දෙවැනි වැඩසටහනට සහභාගී වෙමිනි.

කෙසේ වෙතත් සන්ධානයක් ලෙස ඉදිරිපත් වුවහොත් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බව අමාත්‍යවරයා කියයි.

“අද තනියම යමු කියන එක්සත් ජාතික පක්ෂයේ සමහර අයට එදා ජයග්‍ර‍හණය කළේ කොහොමද කියලා මතක නැහැ. ආයේ ඒක තේරෙන්නේ තනියම ගිහිල්ලා ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය වුණොත් විතරයි.”

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයකුට පමණක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කුමන පක්ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දෙන්නේද නැත්තේද යන්න පිළිබදව තීරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස