භූගත බංකරයකින් ආයුධ මතුවෙයි!

May 10, 2019 at 4:16 pm | by admin

වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පාලන කටයුතු සිදුකරන සභාපතිවරයකුගේ නිවසේ භූගත කාමරයක් තුළ තිබී  කඩු 3 ක්, කිනිසි 5 ක්, පොරෝ 2 ක්, බයිසිකල් චේන් 3ක්  හමු වූ බව බෝගහකුඹුර පොලිසිය පවසයි.

බෝගහකුඹුර පොලිසිය හා ගුවන් හමුදාව එක්ව අද  (10 ) දා උදේ  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගෙන ඇත.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත බෝගහකුඹුර පොලිසිය  විමර්ශන සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස