භික්ෂූන් වහන්සේලා ගැන එජාප මතය රංජන්ගේ මතය නෙමෙයි! – හේෂා විතානගේ

July 17, 2019 at 12:31 am | by emanisa.lk

මහා සංඝ රත්නය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මතය ඇමති රංජන් රාමනායක ප්‍රකාශ කළ මතය නොවන බවත් එය එජාප මතය බව ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සාහ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය සහ මහා සංඝ රත්නය අතර ඇති ළෙංගතුකම සහ බැඳීම වෙනස් කිරීමට විපක්ෂය මේ සිද්ධිය දඩමීමා කර ගැනීමට උත්සාහ කරන බව ද හෙතෙම පැවසීය.

සංඝ රත්නයට එරෙහිව කරන මෙම ප්‍රකාශ නතර කිරීමට අවශ්‍ය පසුබිමක් සකස් කළ යුතු බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස