බුදු පිළිම කැඩූ ත්‍රස්තයින්ගේ පවුලට ලක්ෂ ගණන් බෙදූ ව්‍යාපාරිකයා අල්ලයි! පාසල් ගියේ දෙකට විතරයි! සහරාන්ගේ ගෝළයෙක්!

April 30, 2020 at 7:22 am | by emanisa.lk

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට ලබාදීම සදහා සහරාන් විසින් දී ඇති රුපියල් ලක්ෂ 20 ක මුදලක් එම සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයින්ට බෙදා දුන් සහරාන්ගේ සමීපතයෙක් වන කෝටිපති ව්‍යාපාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් පෙරේදා (28) රාත්‍රියේ දී මාවනැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සියාම් (49) නැමැති මාවනැල්ලේ හිගුල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක් වන සැකකරු සහරාන්ගේ සමීපතමයෙක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඔහුට අයත් නිවාස හතරක් ගැන ද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත.

මේ පුද්ගලයා ඉතා කුඩාවට ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපාරයේ නිරත ව සිට ඇතත් හිටි හැටියේ ම ඔහු කෝටිපතියෙක් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ.

මෙම පුද්ගලයා දෙකේ පංතියට පමණක් අධ්‍යාපනය ලබා ඇති අයෙක් බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඔහු සහරාන්ගේ දේශනවලටද සම්බන්ධ වී ඇති අයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස