බදූර්දීන් රකින ආණ්ඩුවේ උගුලට විපක්ෂය නොවැටෙයි! ඒකාබද්ධයයි ශ්‍රීලනිපයයි දෙකකම තේරීම්කාරක සභාවට නොඑයි!

May 23, 2019 at 3:23 pm | by admin

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවීමට තීරණයක් ගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම තේරීම් කාරක සභාව ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස පත්කළ එකක් නොව ප‍්‍රශ්නය යටගැසීමේ උත්සාහයක් බව පෙනී යන නිසා මෙම තීරණය ගත් බවද මහලේකම්වරයා කීවේය.

එබැවින් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 96 දෙනාගෙන් කිසිවෙකුත් මෙයට සහභාගී නොවන බව හෙතෙම සදහන් කළේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුවේ සහ ආණ්ඩුවට හිතවත් ජවිපෙ දෙමළ සන්ධාන බහුතරයක් සහිත මෙම කාරක සභාවෙන් බදියුදීන් වැරදිකරු බව ඔප්පු කළහොත් විශ්වාසභංගය ගෙන ඒමට හැකි බව ආණ්ඩුව මෙයට පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස