බදුලු සමුළුවට එද්දී O/L සහතිකයත් අරන් එන්න! හරීන් සජිත්ට කියයි..

August 11, 2019 at 11:50 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ සමාරම්භක රැළිය හෙට (12) බදුල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගී වීම සඳහා පැමිණෙන විට තම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සහතිකය ද රැගෙන පැමිණෙන මෙන් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය භාරව සිටින හරීන් ප්‍රනාන්දු විසින් සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

දුරකථනයෙන් අමතමින් හරීන් ප්‍රනාන්දු සජිත් ප්‍රේමදාසට පෙන්වා දී ඇත්තේ ඔහුට එරෙහිව එල්ල කරන මඩ ප්‍රහාරවලට පිළිතුරු දීමේ හොඳම ක්‍රමය එය බවයි.

“ඔයාට විරුද්ධව අමු මඩක් නේ මුං මේ ගහන්නෙ. මේක මුං කියනවා කියනවා කියනවා ඉවරයක් නෑ. මළ වාතයක් වෙනවනෙ. ඒක නිසා මේක අපි පටන් ගනිද්දිම මෙතෙනින්ම ඉවරයක් කරගමු.

හොඳම දේ අපි ඔයාගෙ ඕ ලෙවල් සෙටිෆිකට් එක රටටම පෙන්නන එක. ඔයා බදුල්ලේ එනකොට ඒක අරං එන්න. අපි ඔයාව ජනාධිපති අපේක්ෂකයා කියලා නම් කළාට පස්සෙ, ඔයාගෙ කතාවෙදි ඔයා ඕ ලෙවල් සෙටිෆිකට් එක ස්ටේජ් එකේ ඉඳන් රටටම උස්සලා පෙන්නන්න.

ඕක අපි ෆොටොකොපි ගහලා මීඩියා වලටත් බෙදමු. අපෙ ෆේස්බුක් පේජස් වලත් දාමු. මං ඒ ටික කරවන්නම්. එතකොට උන් හාන්සි. ඉන් පස්සෙ ආයෙ ඔය මඟුල අදින්න උන්ට බෑනෙ” යනුවෙන් හරීන් ප්‍රනාන්දු ඉල්ලීම් කර තිබේ.

මෙහිදී ඉතාම කලබලයට පත්ව ඇති සජිත් ප්‍රේමදාස තමන්ට වෙනත් ඇමතුමක් ලැබෙන බව පවසමින් ඉක්මනින් දුරකථනය විසන්ධි කර ඇති බව සඳහන්ය.

LNW

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස