පොහොට්ටුව 2/3 බලයක් ලබා ගැනීම භයානකයි! එහෙම වුණොත් 19 අහෝසි කරයි! – සුමන්දිරන් උතුරේ ඡන්ද සටන අරඹයි…..

December 2, 2019 at 10:51 am | by emanisa.lk

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන හේතුව දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දක්වමින් ප්‍රසිද්ධ මැතිවරණ ප්‍රචාරයක නිරතවීම බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

උතුරේ සෙසු බලවේග මෙන් අපේක්ෂකයෙකු තෝරා ගැනීම ජනතාවට බාර නොකොට දෙමළ සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම තුළින් සිංහල ඡන්ද ගණනාවක් අහිමි වී ගිය බවද හෙතෙම කීය.

“පසුගිය වසර හතරාමාරක කාලයේ කටයුතුවලින් තමන් පරාජය වූ බව සුමන්තිරන් වටහා ගතයුතුයි.ඒ පරාජයෙන් පසුවත් නැවතත් එක්සත් බවක් ගැන කතා කිරීමේ ජනතාව මුලා කර ඡන්ද කොල්ලකෑමක් විදහටයි දකින්නේ.

දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ සිටියත් ආණ්ඩුයක් සමගින් එක්ව කටයුතු කළා. උතුරු නැගෙනහිර රජයේ නියෝජිතයින් විදිහට කටයුතු කළා. නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් කළේ නැහැ.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගන්න දෙන එක නරකයි කියල සුමන්තිරන් පසුගියදා ප්‍රකාශ කළා.ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතරයක් දිනාගත්තොත් දෙමළ ජනතාවට එරෙහි ක්‍රියාවන් සිදුකරයි කියල පවසනවා.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දෙස බැලීමේදී පොදුජන පෙරමුණ නැවතත් බලයට පත්වෙයි කියල කියන්න පුළුවන්. ප්‍රධාන පක්ෂ දෙකට දකුණේ සිංහල ජනතාව ඡන්දය දුන්නත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව බොහෝ දෙනෙක් එහෙම ඡන්දය දෙන්නෙ නැහැ. මේ නිසා විකල්ප බලවේගයක් හෝ පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලය ගැනීම වැළැක්වීමක් කරන්න අවශ්‍යතාවක් නැහැ.

නව රජයක් තුනෙන් දෙකක ඡන්දයෙන් බලයට පත්වුනොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරයි.එක් පුද්ගලයෙකුට දීර්ඝ කාලයක් ජනාධිපති වී සිටීමට ඉඩකඩ සැලසෙනවා. ඒ තුළින් හානිය වෙන්නෙත් සිංහල ජනතාවටයි.

දෙමළ ජනතාව විවිධාකාරයෙන් අගතියට පත්වෙලා තියෙනවා.අපේ ආරක්ෂාව ගැන අපි වගබලාගන්නවා හැරෙන්න තුනෙන් දෙකක බලය ඇල්ලීමේ උත්සහාය වළක්වන්නට යන සුමන්තිරන්ගේ උපාය දෙමළ ජනතාව තව තවත් රැවටීමක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස