පොහොට්ටුවේ ගෝඨා දිනුවොත් එය ශ්‍රීලනිපයේ අවසානයයි! ශ්‍රීලනිපයත් මෛත්‍රීත් රැකෙන්න නම් එජාපය දිනවන්න ඕන! – විජිත් විජිතමුණි

October 4, 2019 at 12:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරි මැතිවරණයෙන් ජය ගත හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය එය බව ශ්‍රීලනිප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා පවසයි.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෛත්‍රීපාල සිරිසේනත් ඉතිරිවන බව ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට නම් මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගත යුතු බව ඔහු සඳහන් කරයි.

තමන් මෙවර එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඔහු දින 52 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විශ්වාසය පළ කරමින් එජාපයට එකතු විය. ඔහුගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය සිදුකළේ ද අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිබිල ආසනයේ නව සංවිධායක ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ උදාර විජයමුණි සොයිසා පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස