හිටපු ඇමති විජිතමුණිගේ පුතුගේ මංගල්‍යය අරලියගහ මන්දිරේ…

May 5, 2019 at 9:56 am | by admin

හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් වෛද්‍ය ශිෂ්‍ය ගජිඳු සොයිසාගේ විවාහ මංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර තිබු කොළඹ ෂැංග්‍රිලා හෝටලය බෝම්බ ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් උත්සවය අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදි පසුගිය 02 වෙනිදා පවත්වනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ අතර පවුල් දෙකේ සමීප ඥාතීන් ඊට මැති ඇමැතිවරු කිහිප දෙනෙක් පමණක් සහභාගී වී සිටියහ.

කෙසේ වුවද චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය අරලියගහ මන්දිරයේ පැවැත් වූ අවස්ථාවේ අගමැතිවරයා ප්‍රකාශ කළේ නැවත අරලියගහ මන්දිරයේ මංගල උත්සව නොපැවැත්වෙන බවය.

රටම ත්‍රස්තවාදී භීතිකාවෙන් ඇළලී ඇති පසුබිමක අගමැති නිල නිවසේ මෙම මංගල උත්සවය පැවැත්වීම සමාජජාලවල විවේචනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස