පොල්අතු මඩුවල ඉගෙන ගන්න කිරි සප්පයන්ටත් අපි ටැබ් දෙනවා!

March 20, 2019 at 10:09 am | by admin

උසස් පෙළ සිසුන්ට පමණක් නොව ප්‍රාථමික සහ ද්විතියීක පන්තිවල සිසුන්ට ද ටැබ් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. ජාතික පාසල්වලට ගුරුවරුන් 3500ක් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවත් උපාධිධාරීන් 20 000කට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් 5000කට ගුරු පත්වීම් ලබා දෙන බවත් ඇමතිවරයා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලන බලපෑම්වලින් තොරවිය යුතු බවත් සුදුසුකම් අනුව බඳවා ගැනීම් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. ඇමතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ගිරිඋල්ල රත්නාලංකාර විද්‍යාලයේ උත්සවයකට සහභාගී වෙමිනි.

ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් පොල්අතු සෙවිලි කළ අඩු පහසුකම් සහිත ස්ථානවල අධ්‍යාපනය ලබන කනගාටුදායක අවස්ථා තමන්ට වාර්තා වි ඇති බවත් එවැනි සිදුවීම්වලට පළාත් දේශපාලනඥයින් සෘජුවම වගකිව යුතු බවත් ඇමතිවරයා මෑතක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය. මීට පෙර ඔහු යටතේ පැවති සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් සේවකයන් 1200ක් බඳවා ගෙන ඇතැයි හෙළි වූයේ එම අමාත්‍යංශය සජිත් ප්‍රේමදාසට පැවරීමත් සමගය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස