පෑළියගොඩට කොරෝනා සැඟව ආවේ මුදල් නෝට්ටි අස්සේ!

November 4, 2020 at 10:32 am | by emanisa.lk

මත්ස්‍ය වෙළෙඳුන් අතරට වෛරසය පැමිණියේ ද මුදල් නෝට්ටු මගින් බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

පෑලියගොඩ උප පොකුර ඇරඹී දින දහතුනකදී ආසාදිතයන් 5513ක් මෙරටින් වාර්තා විය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව කළ විමර්ශනයකදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට B.1.42 නමැති දරුණු කොවිඩ් වෛරසය පැමිණ ඇත්තේ මුදල් නෝට්ටු මගින් බවට තහවුරු වූ අතර එය ව්‍යාප්ත වීමට මුදල් නෝට්ටු මෙන්ම මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිති ද ඉවහල්ව ඇති බව සොයා ගෙන තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුර ඉකුත් ඔක්තෝබර් 3 වැනිදා ඇරඹී අතර ඉන් පසුව ඇරඹී උප පොකුර ලෙස පෑලියගොඩ පොකුර මතුවන්නේ ඔක්තෝබර් 21 වැනිදාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස