පාස්කු ත්‍රස්තවාදීන්ට අපේ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා! – එස්.එම්.චන්ද්‍රසේන

August 22, 2019 at 5:02 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන්ට ජනාධිපතිවරණයට පෙර දඬුවම් ලබා දීමට කටයුතු නොකළහොත් තම ආණ්ඩුව යටතේ ඒ පිළිබඳ විමර්ශනයක් කර නිසි දඬුවම් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන පවසයි.

තේරීම් කාරක සභාව විහිළුවක් බවත් එහිදී වැරදිකරුවන් නිවැරදි කර නිවැරදිකරුවන් වැරදිකරුවන් කරන බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා එමගින් ලබා දෙන ප්‍රතිඵලය නිවැරදි විය නොහැකි බවත් එය ආණ්ඩුවේ වැරදි වසා ගැනීමට අටවා ඇති බවත් සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අද (21) සිය අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස