පාස්කු කමිටුව අගමැතිගෙන් අසන ප්‍රශ්නත් ඒවාට පිළිතුරුත් අගමැතිට දැනුම් දුන්නා! – රෝහිත

July 13, 2019 at 2:01 pm | by emanisa.lk

පාස්කු තේරීම් කාරක සභාව කුණු හෝදන ෆැක්ට්රියක් බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන කාරක සභාව හමුවට බය නැති අගමැති යන්නේ එම කාරක සභාවෙන් විමසන සියලු ප්‍රශ්න සහ පිළිතුරු අගමැතිට කලින් දැනුම් දීමෙන් පසු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

එසේම ආණ්ඩුව සමඟ එකට වැඩ කළ ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංගයක් ගෙන ආවේ පවු සෝදා ගැනීමේ අරමුණින් බවත් ජවිපෙ ආණ්ඩුව සමග කුමන ඩීල් දැමුව ද පොදුජන පෙරමුණ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් තම වගකීම ඉටු කළ බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *