රිෂාඩ් කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බවට රහස් පොලිසියෙන් පාස්කු කමිටුවට සහතිකයක්!

June 29, 2019 at 2:14 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (28) පාස්කු ප්‍රහාර පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.

එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හෝ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බව රහස් පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව එම වාර්තාවේ සඳහන් වී ඇත.

කෙසේ වුවද මෙයට පෙර එම කමිටුව හමුවේ සාක්ෂි ලබා දුන් අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරයින් හෝ වෙනත් කිසිවකු පිළිබඳ මෙවැනි වාර්තාවක් ලබා දීමට රහස් පොලිසිය කටයුතු කළ බවක් වාර්තා වූයේ නැත.

පාස්කු කමිටුවේ සාමාජිකයෙක් රිෂාඩ්ගෙන් ප්‍රශ්න කරන විට තවත් සාමාජිකයෙක් ඒ සඳහා පිළිතුරු ලබා දීම ද එහි දී දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස