පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතු නෑ! අනෙක් හැමදේම වගේ මැතිවරණ පැවැත්විය යුතුයි! – ෆැපරල්

June 9, 2020 at 12:47 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු බව තමන් ප්‍රකාශ නොකළ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

මැතිවරණ වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන තම සංවිධානය කිසිවිටෙක මැතිවරණ එරෙහි වී නැතැයි ද ඔහු පවසයි.

එනිසා ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්වය තුළ අනෙක් සියලු කටයුතු සිදුකරන්නේ නම් මැතිවරණය ද එයාකාරයෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්විය යුතු බව තම සංවිධානය ස්ථාවරය බවත් එහි දී ජනතාවගේ ජීවිත අවධානමට ලක් නොවන ආකාරයට එය සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස