නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය සතු නෑ! නමුත් ණය ගෙවීම් ඇතුළු සියලු වියදම් රජයෙන්! රාජිතගේ වැඩකිඩ ලේකම් පිළිගනී!

May 31, 2019 at 10:47 am | by admin

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සියලු වියදම් සහ ලංකා බැංකුවෙන් ලබා ගෙන ඇති රු. බිලියන 2.5 ණය මුදල රජය විසින් ගෙවනු ලැබුව ද එම රෝහල රජයට අයිති දේපළක් නොවන බව සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (30) සාක්ෂි දෙමින් පිළිගත්තාය.

මෙම රෝහල වසර 10ක් සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් සයිටම් ආයනයට පවරා ඇති බවත් රජයට පවරා ගන්නේ නම් එම කටයුතු ඊට පසු සිදු කළ යුත්තේ ඊට පසු බවත් ලේකම්වරිය පිළිගත්තාය.

ඇමතිවරු මූල්‍ය කටයුතු පිළිබඳ වැරදි යෝජනා ගෙන ආ විට අමාත්‍යංශ ලේකම්වරුන් ඒවාට විරුද්ධ වී තම රාජකාරීය ඉටු කළ යුතු බව විනිසුරුවරයා පැවසූ අතර ලේකම්වරිය එය පිළිගත්තාය.

රජයේ නොවන ආයතනයක් සඳහා රජයේ මුදල් වැය කිරීම ඉතාම භයානක ක්‍රියාවක් බව එම රෝහල ලබා ගත් ණය මුදල් රජය ගෙවීම වැරදි බවත් මෙහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

රජය සතු නොවන නෙවිල් ප්‍රානාන්දු රෝහලට රජයේ මුදල් වැය කිරීම පිළිබඳ ජනාධිපති කොමිසමට ලද පැමිණිල්ලක් පිළිබඳ සාක්ෂි විමසීමේ දී මෙම කරුණු හෙළි විය. වැඩිදුර සාක්ෂි විමසීම ජුනි මස 06 වෙනි දිනට කල් තැබිණි.

මෙම රෝහල 2017 වසරේ රජයට පවරා ගත් බව පවසමින් ජනාධිපති ප්‍රධානත්වයෙන් විශාල උත්සවයක් පැවැත් වීමට ඇමතිවරයා කටයුතු කළ අතර ඒ සඳහා ලබා ගත් සියලු ණය නෙවිල් ප්‍රනාන්දු මහතා ගෙවන බව ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස