නැවතත් ත්‍රස්ත ප්‍රහාර බියක්! උතුරේ හමුදා මුර කපොලු දමයි!

October 7, 2019 at 5:52 pm | by emanisa.lk

වව්නියාවේ A-9 මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් ආවරණය වන පරිදි නැවතත් හමුදා මුරකපොලු ස්ථානගත කිරීමට වන්නි හමුදා මූලස්ථානය කටයුතු කර තිබේ.

පසුගිය පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දින කිහිපයක් මාර්ග බාධක දමා තිබුණ ද ඒවා නැවත ඉවත් කෙරිණි.

කෙසේ වුවද නැවත වතාවක් සැකකටයුතු පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීම සඳහා මෙලෙස මුර කපොලු ඉදිකර තිබේ.

තිස් වසරක් පැවති කොටි ත්‍රස්තවාදය නිමා කිරීමත් සමගම සාමකාමී පරිසරයක් නිර්මාණය වන විට රට පුරා පැවති බොහෝ මුර කපොලු ඉවත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස