දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට ප්‍රතිඥා දෙන ජනපති අපේක්ෂකයාට අපේ සහාය දෙනවා! – ඉංලගෙයි තමිල් අරසුකච්චි

August 6, 2019 at 11:07 am | by emanisa.lk

ප්‍රධාන පක්ෂවලින් ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් කවුද යන්න නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රතිඥා දෙන අපේක්ෂකයෙකුට සහාය දැක්වීමට පෙරේදා (04) රැස් වූ ඉංලගෙයි තමිල් අරසුකච්චි මධ්‍යම කාරක සභාව තීරණය කළේය.

ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, දෙමල ජාතික සන්ධාන නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් යන අයගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී රැස් වූ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළඹියේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට ප්‍රතිඥාවක් ලබාදෙන අපේක්ෂකයාට සහායදීමටත් එම ප්‍රතිඥාවල අන්තර්ගතය පිළිබඳ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඒ අනුව සහාය ඵල කරන අපේක්ෂකයා තීරණය කිරීමටත් මෙහිදී යෝජනා විය.

දෙමළ ජනතාවගේ නොවිසඳුණු ගැටලු පිළිබඳ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර යෝජනාවලියක් සකස් කර ගැනීමද මෙහිදී සිදු විය.

ඉංලගෙයි තමිල් අරසුකච්චි මහලේකම් කේ.තුරෙයිරාජසිංහම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.තුරෙයි රත්නසිංහම්, එස්.සුමන්තිරන් හා ශ්‍රී නේෂන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස