දිල්රුක්ෂිට මෙවර නීතිය කඩන්න බැරිවෙයි! සියල්ල පරාවළල්ලක් වී වැඩ තහනම් වෙයි!

September 24, 2019 at 9:19 pm | by emanisa.lk

වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ෂංක සේනාධිපති සමග දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිදුකළ දුරකථන සංවාදයක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලවලට නිකුත් කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඊයේ (23) නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළේය. එහි ප්‍රතිඵලය ලෙස අද රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවට මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස