දිනන්න පුළුවන් නම් ජනාධිපතිවරණයට එන බව කී රනිල් සජිත් දැම්මේ පරදින බව දන්න නිසායි! – සිසිර ජයකොඩි

September 28, 2019 at 2:09 pm | by emanisa.lk

එළැඹෙන ජනාධිපතිවරණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ හදවතින් ප්‍රාර්ථනා කරන්නේ සජිත් ප්‍රේමදාසගේ පරාජය යැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසයි.

ජනාධිපතිවරණය එජාපයට ජය ගත හැකි නම් තමන් ඉදිරිපත් වන බව මින් පෙර කියා තිබූ රනිල් වික්‍රමසිංහ අපේක්‌ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දුන්නේ පරාජය වන බව දන්නා නිසා යැයි ද ඔහු සඳහන් කළේය.

එජාප නායකත්වය තවමත් වික්‍රමසිංහ මහතා සතුව පවතින බවත් රනිල්ගේ අපේක්‌ෂාව පක්‌ෂ නායකකම ද රැකගෙන සුපුරුදු පරිදි විපක්‌ෂ නායක ධුරය තමන් සතු කර ගැනීම යැයි ද ඔහු කීවේය.

වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාසට දමා ඇත්තේ ‘කොන්දේසි’ නොව ‘වෙන්දේසි’ යැයි ද සිසිර ජයකොඩි පවසයි. ෆෙඩරල් යෝජනාව, ජාතික සම්පත් විකිණීම ආදිය එයට ඇතුළත් බව ද ඔහු කීවේය.

2010 ජනාධිපතිවරණයේදී හංසයාගෙන් ඉල්ලූ ෆොන්සේකාගේ කකුලෙන් ඇදීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බවත් ඒ ආකාරයටම මෙවර ද ඔහු සජිත් ප්‍රේමදාසගේ කකුලෙන් ඇදීමට ක්‍රියා කරන ආකාරය ස්‌ථිර බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස