ත්‍රස්තවාදියෝ ආරක්ෂා කළේ රාජිතලා මුජිබර්ලා! ආණ්ඩුවේ නොසැලකිල්ල මුළු රටම අනාථ කළා! – ජනාධිපති නීතිඥ අලි සබ්රී

May 6, 2019 at 8:07 pm | by admin

ජාතික තවුහිද් ජමාත් නායක සහරාම් හෂීම් අවුරුදු 7-8ක් තිස්සේ බුද්ධි අංශ විසින් නිරීක්ෂණය කළ පුද්ගලයකු බවත් අනතුරුව වත්මන් ආණ්ඩුව විසින් බුද්ධි අංශ වාර්තා නොසලකා හැර ජාතික ආරක්ෂාව විහිළුවක් කර ගත් නිසා මේ මහ අපරාධය සිදුවූ බව ජනාධිපති නීතිඥ අලි සබ්රී පවසයි.

2016 නොවැම්බර් මස 10 වෙනිදා වත්මන් ආණ්ඩුවේ එවක අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ISIS ත්‍රස්තවාදී කණ්ඩායම සමග මෙරට පිරිසක් සම්බන්ධ යැයි සියලු තොරතුරු වාර්තා කළ අවස්ථාවේ ඇමති රාජිත සේනාරත්න සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් විසින් එය සමච්චලයට ලක් කර යටපත් කර දැමූ බව ද හෙතෙම සිහිපත් කරයි.

2017 වසරේ කාන්තන්කුඩි ජනතාව සහරාන්ට එරෙහිව පැමිණිලි 17ක් ඉදිරිපත් කර ඇති බවත් එහි ජනතාව මොහුට විරුද්ධව උද්ඝෝෂණ කර ඇති බවත් ජමියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා සහරාන් හෂීම්ගේ වෛරී ප්‍රකාශ පිළිබඳ ආරක්ෂක අංශ දැනුම්වත් කළ බව ද අවධාරණය කළේය.

එපමණක් නොව 2018 වසරේ මාවනැල්ලේ බුදු පිළිම කැඩූ බවත් අනතුරුව ඒ පිළිබඳ තොරතුරු ලබා දුන් ඇමති කබීර් හෂීම්ගේ ලේක්මවරයාට වෙඩි තැබූ බවත් අනතුරුව වනාතවිල්ලුවේ අක්කර 70ක වත්තක ඩෙටනේටර් ඇතුළු අධිබලැති සී4 කිලෝ 100ක් හමු වූ බවත් ඒ කිසිවක් මේ ආණ්ඩුව සැලකිල්ලට යොමු නොකළ බවත් අලි සබ්රී පවසයි.

මෙය නීතියේ ප්‍රශ්නයක් නොව නොසැලකිල්ල පිළිබඳ ප්‍රශ්නයක් බවත් එහෙයින් මුළු රටම අද අනාථභාවයට පත්ව ඇති බවත් සමස්ත මුස්ලිම් ජනතාව මෙයට වගකිව යුතුය යන තැනට මේ රට ඇදගෙන යාමට කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස