ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු ගන්න ආරක්ෂක මණ්ඩලයට අසාද් සාලි යන්නේ කොහොමද? – රොෂාන් රණසිංහ

May 29, 2019 at 1:33 pm | by admin

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතාව එම ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

පොළොන්නරුවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ආක්ෂක මණ්ඩලයට බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා සභාගීනන්නේ කුමන බලයක් ගෙනද යන්න එහිදී මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කර සිටියේය.

පසුගිය කාලය පුරාවට රට තුළ අන්තවාදය ගොඩනැගීමට සහය දුන් සහ අන්තවාදයට සම්බන්ධ ආණ්ඩුව තුළ සිටින පුද්ගලයින් ඉවක් කිරීමට කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස