ජවිපෙ කියන්නේ ලාභ ලබන කොම්පැනියක්! අනුර කුමාර මට වඩා සාර්ථක ව්‍යාපාරිකයෙක්! – දෙරණ සභාපති දිලිත් ජයවීර (video)

May 5, 2019 at 9:36 am | by admin

ජනතා විමුක්ති පෙරමුණු බිලියන 06 ස්ථාවර තැන්පතු ඇති ලාභ ලබන ව්‍යාපාරයක් බවත් එහි සභාපති අනුර දිසානායක තමන්ට වඩා සාර්ථක ව්‍යාපාරිකයෙක් බවත් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසයි.

තමා ජාතිකත්වයේ කොඩිය දරාගෙන සිටි බව ද මහින්ද රාජපක්ෂලා ජාතිකත්වය වෙත පැමිණියා මිස තමන් ඔවුන් වෙත නොගිය බව ද මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ තමන්ට කිසිදු උපකාරයක් නොකළ බව ද හෙතෙම සිහිපත් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ කටයුතුවලට තමන් නොයෙක් අවස්ථාවල මුදලින් ආධාර කළ බව ද ප්‍රචාරණ කටයුතුවලට මුදල් ලබා දුන් බව හෙතෙම පැවසීය.

මේ රටේ ගැටලුවලට විසඳුම් රැඳී ඇත්තේ ජාතිකත්වය පදනම් කරගත් දේශපාලන ප්‍රවේශයක් මත පමණක් බව හෙතෙම අවධාරණය කරයි. අපේ සංස්කෘතිය සුරැකෙන දේශීය ව්‍යාපාරිකයන් ඔසවා තබන ගමනක් අප යා යුතු බවත් ඒ සඳහා ලෝකයෙන් ආදර්ශ ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස