ජවිපෙ ගමේ ගැහැනු-දරුවන් රවටා කොළඹ අදියි! සත්තුවත්ත පිරී ඉතිරී යයි! සියලු දෙනා හවසට ගෝල්ෆේස් රැලියට!

August 18, 2019 at 11:48 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන ජන රැලිය අද (18) සවස ගාලු මුවදොර පැවැත්වේ.

මේ අතර අධිවේගී මාර්ගය හරහා බස් රථ විශාල ප්‍රමාණයක් අද උදෑසන සිට කොළඹ බලා පැමිණෙමින් තිබෙන බව ද වාර්තා වෙයි.

ඇඹිලිපිටිය-දෙනියාය-මිද්දෙණිය-මාතර-ගාල්ල ආදී ප්‍රදේශවලින් පැමිණෙන මේ බොහෝ බස් රථවල කුඩා දරුවන් කාන්තාවන් ආදී වෙනදා දේශපාලන රැළිවලට සාමාන්‍යයෙන් නොපැමිණෙන පිරිස් සිටින බව ද නිරීක්ෂණය විය.

වැඩිදුරටත් කරුණු සොයා බැලීමේදී වාර්තා වූයේ මේ බොහෝ බස් රථ කොළඹ අධ්‍යාපන චාරිකා සඳහා යයි කියමින් දරුවන් කාන්තාවන් රැගෙන විත් ඇති බවයි.

කොළඹ සත්තුවත්ත ආදී ස්ථාන නරඹා සවස ගාලු මුවදොර රැලියට මේ ජනතාව සහභාගී කරවීම සංවිධායකයන්ගේ සැලසුම වී තිබේ.

අපූරු කරුණ මෙසේ පැමිණි බොහෝ දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට තමන් රැගෙන යන බව කොළඹට පැමිණෙන තුරු නොදැන සිටීමයි.

විශේෂයෙන් ගාල්ල ප්‍රදේශයෙන් රැගෙන ආ පිරිස් එම අයුක්ති සහගත ක්‍රියාවට තම දැඩි විරොධය පළ කර තිබේ. එම බස්වලින් දරු මල්ලන් සමග කොළඹ පැමිණි ජනතාව මේ වංචාව පිළිබඳ දුරකතනය මාර්ගයෙන් සිය හිතවතුන් දැනුම්වත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස