ජලනි ආර්යාව සමගි වනිතා පෙරමුණේ බලය අල්ලයි! පක්ෂ නායක සජිත් තීන්දුවක් ගන්න බැරිව අසරණයි!

November 15, 2020 at 12:33 pm | by emanisa.lk

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ආර්යා  ජලනි ප්‍රේමදාස පක්ෂයේ කාන්තා පෙරමුණ වන සමගි වනිතා බලවේගය කටයුතුවලට මැදිහත්වීම් මත යළිත් අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයට ද අනුබද්ධිත සමගි වනිතා පෙරමුණේ වගකීම කිසිවෙකුටත් පැවරීමට ඉඩ නොදී එය තමන් යටතේ ම තබා ගැනීමට ජලනි ප්‍රේමදාස කටයුතු කිරීම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවන්ගේ අප්‍රසාදයට මෙන්ම කළ කිරීමට ද හේතු වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද පියවරක් ගැනීමට නොහැකි තරමට ම ඔහු ද අසරණ වී තිබෙන බවද අනාවරණය වේ.

මහා මැතිවරණයට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සමගි වනිතා බලවේග කටයුතු භාරව ක්‍රියා කළ අතර මහ මැතිවරණ පසු ඒ සම්බන්ධයෙන් හිරුණිකාගේ මැදිහත්වීමක් සිදුවන්නේ නැති බවද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස