ජලනිගේ ඇඟිලි ගැසීම් නිසා සමගි බලේ අසමගි වේ! බෝං එගේන් කල්ලියත් බලය පතුරුවයි!

November 8, 2020 at 7:29 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කටයුතු සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසගේ මැදිහත් වීම පිළිබඳව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ පිරිසක් කලකිරීමෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජලනි ප්‍රේමදාසගේ බලපෑම් මත සජිත් ප්‍රේමදාස ද යම් යම් තීරණ ගැනීමේදී ගැටලුකාරී හා අපහසුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බව ද දැනගන්නට තිබේ.

ජලනි ප්‍රේමදාසගේ මෙම මැදිහත්වීම ඔස්සේ සමගි ජන බලවේගයට අත්වන ඉරණම පිළිබඳව පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම සජිත් ප්‍රේමදාස දැනුම්වත් කර තිබෙන බව ද දැනගන්නට තිබේ.

ජලනි ප්‍රේමදාස වටා ඒකරාශි වී සිටින පිරිසක්ද පක්ෂයේ කටයුතුවලට මැදිහත් වන අතර ඉන් ඇතැමෙක් මතභේදාත්මක ආගමික නිකායවලට අයත් පිරිස් වන බව ද දැනගන්නට තිබේ.

ජනාධිපතිවරණය සමයේ ද සජිත් ප්‍රේමදාසගේ මුදල් පාලනය ජලනි ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ලකී ෆොන්සේකා ඇතුළු පිරිසක් විසින් කළ බව ද ප්‍රකට කරුණකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස