සමගි බලේ බල පොරයෙන් හිඟමනට වැටේ! බිල නොගෙව්වයි මූලස්ථානයේ විදුලියත් කපලා!

October 24, 2020 at 8:49 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ පක්ෂ මූලාස්ථාන කාර්යාලයේ මාසික කුලිය, සේවක වැටුප් සහ විදුලිය ගාස්තු ගෙවා ගත නොහැකිව එම පක්ෂය උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි.

සමගි ජන බලවේග මූලාස්ථානයේ මාසික විදුලිය බිල් ගෙවා නො දැමී ම නිසා එහි විදුලිය විසන්ධි කිරීමට ද විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබිණ.

මෙයට හේතුව සමගි ජන බලවේගයේ මූලස්ථානයේ බලය සහ එහි මූල්‍ය බලය අතට ගැනීමට ජලනි ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකා පාර්ශ්වය සහ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ශ්වය අතර හට ගෙන ඇති සීතල යුද්ධය බව දැනගන්නට තිබේ.

මේ නිසා මෙතෙක් පක්ෂයට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින් සිටි කණ්ඩායම් සහ පුද්ගලයින් සමගි ජන බලවේගයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙමින් ඇත.

එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ද පසුගිය මස වැටුප් ගෙවා නොමැති බව අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස