සජිත් ප්‍රේමදාස අවසාන මොහොතේ ඡන්දය ප්‍රකාශ කරයි! අගමැති අපේක්ෂකයෙක් මෙහෙම කළේ පළමු වතාවට!

August 5, 2020 at 10:53 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අද පස්වරුවේ වීරවිල කුඩාගම්මාන 07හි පිහිටි හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

පෙරවරු 7.00ට සිට මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාස ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන තෙක් සුරනිමල විද්‍යාලය අසල රැඳී සිටියද ඔහු සිය ජන්දය ප්‍රකාශ කිරීමට ජන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේ පස්වරු 4.45ටය.

සජිත් ප්‍රේමදාස සමග ජලනි ප්‍රේමදාස ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවට පැමිණියේය. ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙන අයුරු ද දැකගත හැකිවිය. ඡන්දය ප්‍රකාශ කර මධ්‍යස්ථානයෙන් පිටව යන දොරටුවෙන් නොව ඇතුළු වන දොරටුවෙන්ම සජිත් ප්‍රේමදාස ඉන් පිටතට පැමිණියේය.

මැතිවරණයක දී ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයන් සියලු දෙනා සාමාන්‍යයෙන් උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කරන අතර මේ ආකාරයට අපේක්ෂකයකු අවසාන විනාඩි 15 වන තුරු ඡන්දය ප්‍රකාශ නොකළ අවස්ථා නොමැති තරම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස