ජනාධිපති අපේක්ෂක කැරට් අලය ගිලපු කතානායක බදුයුදීන්ගේ විශ්වාසභංගය ළඟ බබා පාට් දානවා! – ප්‍රසන්න රණවීර

May 25, 2019 at 9:37 am | by admin

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක කැරට අලය ලැබුණු කථානායක කරු ජයසූරිය මහතා හැසිරෙන්නේ කුඩා දරුවෙක් ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවැසීය.

අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනත් තියෙන මේ වෙලාවේ කතානායකතුමා හැසිරෙන්නේ බබෙක් වගේ. ඒ වුණාට අපේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාව අවස්ථාවේ විනාඩි කිහිපයකින් ඒ සම්බන්ධයෙන් තීරණ අරන් හඬ අනුව තීන්දු දුන්නා.

නමුත් අද විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ කියන්නේ මට තින්දුවක් ගන්න ක්‍රමයක් නැහැ. පක්ෂ නායකයින් එකතු වෙලා තින්දුවක් ගන්න. සභානායක තින්දුවක් ගන්න. වගේ දේවල් කියනවා.

එදා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා න්‍යාය පුස්තකයේ විශ්වාසභංගයක් නැහැ කියද්දිත්, මිනි මැරෙයි කියන වෙලාවේ කතානායකතුමා කිව්වේ මිනියක් නෙවෙයි.මිනි දහයක් මැරුනත් මම මේ විශ්වාසභංගය ගන්නවා කියලා.

මේ දෙබිඩි පිළිවෙතින් අද පැහැදිලිවම පේනවා කතානායකවරයා හැසිරෙන්නේ එජාපයේ අවශ්‍යතාවය අනුව බව. ඊළග ජනාධිපති අපේක්ෂකයා කියන කැරට් අලය ඔහුට ලැබිලා තියෙන නිසයි මේ විදියට හැසිරෙන්නේ.

එජාපය කාලෙන් කාලයට ජනාධිපතිවරණ අපේක්ෂකවරු ඉදිරිපත් කරනවා. හරියට ගණිකාවකගේ පතිවත වගේ තමයි. එක් වරෙක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වනවා. කරූ ජයසූරිය කියනවා.කුමාර සංගක්කාර කියනවා. දැන් අලුත්ම කෙනා ධම්මික පෙරේරා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස