ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවීම මේ මස 30 වෙනිදා!

September 8, 2019 at 11:43 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනි දින බොහෝ දුරට නිකුත් කිරීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසම් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

නාමයෝජනා නිවේදනය නිකුත් කළ දිනයේ සිට දින 16ත් දින 21ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇප තැන්පත් මුදල් බාර ගැනීම සිදුකෙරේ.

නාමයෝජනා බාර ගන්නා දිනයේ සිට සති හතරක් සති හයත් අතර කාලය තුළදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බව මැතිවරණ නීතියේ සඳහන් වේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 14 දෙනෙකු ඉදිරිපත් වන බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස