ජනපති ප්‍රේමදාස ආරම්භ කළ නිවාස විප්ලවය ඇමති සජිත් ඉදිරියට රැගෙන යනවා! – අගමැතිගෙන් සජිත්ට මල් මිටක්..

June 24, 2019 at 9:01 am | by emanisa.lk

රණසිංහ ප්‍රේමදාස අරම්භ කළ ජනතාවට නිවාස ලබාදීමේ විප්ලවය සජිත් ප්‍රේමදාස ඉදිරියට ගෙන යන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ එම වැඩ පිළිවෙළ එදා සහ අද යථාර්ථයක් බවට පත්කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඇප කැප වෙමින් ක්‍රියා කරන බවද ප්‍රකාශ කළ අගමැතිවරයා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ නිවාස වැඩ පිළිවෙළ යටතේ අතීතයේ නිවාස ලබා ගත් පුද්ගලයන්ගේ ඉඩම් නිවාස මේ වන විට ඉතා ඉහළ වටිනාකම් ගන්නා බවද කීය.

අලුතින් විවාහ වන තරුණ පරපුරේ නිවාස ගැටලුවලටද විසඳුම් ලබාදිය යුතු බවද පැවසූ අගමැතිවරයා ප්‍රේමදාස ජනාධිපතිවරයගෙන් පසු විවිධ මාර්ගවල ගිය නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීමේ වැඩ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා යටතේ නැවත ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මේ අදහස් පළකළේ ඊයේ (23) කොළඹ දී පැවැති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිව්දස් අභිමන් සමරුවට සහභාගි වෙමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස