ඡන්දේ කාලේ විවේචනය කරන එක සිරිතක්! පරිසරය සුරකින ජනාධිපතිතුමාට අපි සහාය දෙන්න ඕන! – රංජන්

December 2, 2019 at 4:22 pm | by emanisa.lk

මැතිවරණ සමයේදි ප්‍රතිවාදී අපේක්ෂකයා පරාජය කිරීමට උත්සාහ කරන බවත් තමන්ගේ අපේක්ෂකයා වර්ණනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

කොළඹ ශ්‍රේෂ්ඨාධිරණය අසළදී අද (02) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“අපි ඔහුට (ජනපති ගෝඨාභය රාජපක්ෂ) විවිධ චෝදනා කළා. අපි ඔහුව (ජනපති ගෝඨාභය රාජපක්ෂ) විවේචනය කළා. අපේ අපේක්ෂකයා වර්ණනා කරනවා. අනිත් අයව පරාජය කරන්න උත්සාහ කරනවා. ඒක සිරිත.

නමුත් කකුලෙන් අදින්නේ නැතිව ටොෆී කොලයක්වත් පාරේ දාන්නේ නැතිව, පරිසරය සුරකින්න ඔහුගේ හොඳ වැඩවලට විරුද්ධ වෙන්නේ නැතිව විරුද්ධ පක්ෂයේ වගකීම් ඉටුකරනවා. කොළඹ පිරිසිදු කිරීම, කාර්ය මණ්ඩලය අඩුකිරීම, වාහන අඩු කිරීම ගැන අපි ප්‍රශංසා කරන්න ඕන.

ඒ නිසා බස් වර්ජන දුම්රිය වර්ජන දොස්තර වර්ජනවලට යන්න ඉඩ නොදී මේ ආණ්ඩුව වැටෙන්නේ කවදාද කියලා බලා නො ඉඳ මේ අවුරුදු පහේ අපි උදව් කරන්න ඕන.

ඒ වගේම කැබිනට් ඇමතිවරු 15ක් පත් කියලා 16ක් පත් කළා. රාජ්‍ය ඇමතිවරු පත් කළා. සුදු වෑන් භීතිකාව වගේ දේවල් අපි විවේචනය කරන්න ඕන.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස