ජනපති ගෝඨා වැඩ භාර ගනී! ගාලු මුවදොර මාර්ග නොවැසෙයි! සමාජමාධ්‍යවල මහත් ඇගයුම්!

November 19, 2019 at 5:26 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද 19) උදෑසන ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී වැඩ භාර ගත්තේය.

ඒ හමුදා උත්තමාචාර පෙළපාලි සහිත අභිමාණවත් එහෙත් චාම් උත්සවයක් පවත්වමිනි.

මේ අවස්ථාවේ ගාලු මුවදොර මාර්ග වසා දමා නොතිබුණු අතර ජනතාව සිය සුපුරුදු දින චරියාවේ නිමග්න වෙමින් තිබිණි.

එය සමාජමාධ්‍යවල මහත් ඇගයුමට ලක්ව තිබූ අතර දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව පැතූ වෙනස සහ දියුණූ දේශපාලන සංස්කෘතියක ලක්ෂණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පළමු පැයේම ලැබී ඇති බවට සතුට පළ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස