ගව ඝාතනය නතර කරන්න මම දේශපාලනයට එනවා! මහ මැතිවරණ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නෑ! – මර්වින්

January 4, 2020 at 10:29 am | by emanisa.lk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමා අනිවාර්යෙන් තරග කරන බව ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

කුමන දිස්ත්‍රික්කයකින් තරග කළ තමාගේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොමැති බව ද මර්වින් සිල්වා අවධරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සුවදුක් බැලීම සඳහා ඔහු ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවත්, තරග කරන ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් ඔහු පවසයි.

ගව ඝාතනය නතර කිරීම සහ ගවමස් විකිණීම නතර කිරීම තමාගේ අනාගත දේශපාලන ගමනේ ප්‍රධාන කාර්යය වන බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස