කසාද බඳින්න ලෑස්ති වෙලා හිටි මනාලි පොහොට්ටුව දූෂණය කළා! – දයාසිරි

September 2, 2019 at 8:06 am | by emanisa.lk

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ එකතු කිරීම ගම්මන්පිල-පාඨලී, විමල්-අනුර නැවත එකතු කිරීම මෙන් අපහසු කාර්යයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා සිදු කරමින් පක්ෂ දෙක එක් මතයකට ගැනීමට සූදානමින් සිටින අතර බලහත්කාරයෙන් පක්ෂ දෙක එක් කිරීමට උත්සාහ නොකළ යුතු බව ඔහු පවසයි.

“අපි තැනකට එන්න හදන්නේ දෙක එකතු කරලා පොදු ජනතාවට මතයක් හදන්න එපැයි. අපි බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කළා. ඒ අතර අපේ පක්ෂයේ එස්.බී. දිසානායක ඩිලාන් පෙරේරා පොහොට්ටුවට අරගෙන.

දැන් බඳින්න ලෑස්ති වෙලා කසාදෙ තීන්දු වෙලා තියෙන කොට මනමාලි ඇරන් ගිහින් දූෂණය කළොත් කසාදේ කරන්න පුළුවන්ද? තව අපි ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වලලන්න හම්බෙන්නේ නෑ. 77 කොමියුනිස්ට් සමසමාජ පක්ෂ කීවා ශ්‍රීලනිපය වළලලා අන්තිම ඇනෙත් ගැහුවා කියලා. නමුත් අද ඒ පක්ෂ දෙක බෝඩ් ලෑලි විතරයි.”

කුරුණෑගල පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස