කටුනායක සේවකයන්ට තමන්ගේ වාහනවලින් වැඩට ඒම තහනම්!

October 19, 2020 at 9:57 am | by emanisa.lk

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හෙට දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහනවලින් නොව කර්මාන්තශාලා විසින් සපයන ප‍්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ නියෝග කර තිබේ.

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත‍්‍රයක් සේ යොදා ගෙන, සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප‍්‍රදේශ වෙත ගමන් කරමින් සිටිය දී පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබිණි.

කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවධානමක් මතු වී ඇති නිසා උසස් පොලිස් නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව හෙට දින සේවකයින් හට කර්මාන්තශාලාවට ඒමට ප‍්‍රවාහන පහසුකම් සලසා දෙන ලෙස පොලිසිය කම්හල් හිමියන්ට දැනුම් දී තිබේ.

එසේ ම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාරවල නැවතී සිටින සේවකයින් අවශ්‍ය නම් පා ගමනින් ද සේවය සඳහා කර්මාන්තශාලා වෙත පැමිණිය හැකි බව ද දැනුම් දී තිබේ .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස