කටුනායක කොරෝනා පැතිරෙන්න මෑන් පවර් සේවකයන් හේතුවක්!

October 17, 2020 at 7:39 am | by emanisa.lk

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්‍රතාව අනුව ඉදිරි දිනවලදී මෙම රෝගය පාලනය කිරීම සඳහා මෙම කළාපය තුළ ඇති ඇඟලුම් කර්මාන්තශාලා 02 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය ඇමතිනියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කරයි.

එසේ ම මෙම කොරෝනා වෛරසය කටුනායක ප්‍රදේශය පුරා පැතිර යාමට එම ප්‍රදේශයේ ඇති නේවාසිකාගාරවල ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම ද එක් ප්‍රධාන හේතුවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව වෛද්‍ය මිගාර ඈපා පවසයි.

මෙම නේවාසිකාගාර තුළ නේවාසිකව සේවිකාවන් 100-150 ක් පමණ සිටියද ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සඳහා වැසිකිළි ඇත්තේ 03ක් හෝ 04ක් පමණි.

ඊට අමතරව මෙම ප්‍රදේශයේ කම්හල්වල සේවකයින් ස්ථිර සේවය සඳහා බදවා නොගෙන තාවකාලිකව දිනපතා වැටුප් ගෙවමින් “මෑන් පවර් “ක්‍රමයට සේවකයින් සේවය සඳහා යොදා ගැනීම ද මෙම වෛරසය ප්‍රදේශය පුරා පැතිර යාමට හේතු වී ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව මෙම රෝගීන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට අවශ්‍ය වුවද මේ වන විට ඒ සදහා අවශ්‍ය රෝහල් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් බවට පත්වී ඇතැයි ද සුරේෂ් කුමාර පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස