එජාප ජනපති අපේක්ෂකයා රනිල්මයි! පක්ෂ ජ්‍යේෂ්ඨයෝ තීන්දු කරති!

June 30, 2019 at 9:44 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා රනිල් වික්‍රමසිංහම විය යුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත යෝජනාවක් ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ද නම් කළයුතු බවද එවිට ජනාධිපතිවරණයත් පසු මහ මැතිවරණයත් එක්සත් ජාතික පෙරමුණට පහසුවෙන් ජයගත හැකි බවද යෝජනාව ගෙන එන පිරිසගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට විරුද්ධත්වය පළකර ඇති අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ පක්ෂ සමුළුවේදී අපේක්ෂකයා තෝරා ගතයුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස