එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම රාජපක්ෂලා සජීවීව අහනවා! – හිරුණිකා

December 31, 2019 at 1:48 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පරාජය වූවා නොව පරාජය කරවූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම සඳහා හදවතින්ම කැප වූ තමන්ට මෙම පරාජය පිළිබඳ ඇත්තේ මහත් වේදනාවක් බව ද හිරුණිකා ප්‍රකාශ කළාය.

එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට ලබා දෙන තුරු අපේක්ෂකත්වය ඉල්ලා සජිත් පාර්ශවය පැවැත්වූ කිසිදු ජනරැලියකට තමා සහභාගී නොවූ බවත් නායකයාගේ අදහස් අනුව කටයුතු කළ බවත් ඇය සිහිපත් කළාය.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පවත්වන සාකච්ඡා සිය දුරකතනය ඔස්සේ රාජපක්ෂ පවුලේ ප්‍රබලයන්ට අසන්නට සැලැස්වූ පිරිසක් පක්ෂ තුළ සිටින බවත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන්නේ ඔවුන් සමග ද කියා තමා විමසන බවත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස