එජාප අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදීව තෝර ගන්නවා! ගෝඨා ජනාධිපති වීම වළක්වන්න සියල්ල කරනවා! – දඹර අමිල හිමි

September 13, 2019 at 12:34 am | by emanisa.lk

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දඹර අමිල මේ බව පැවැසීය.

“2020 ජනාධිපතිවරණය අපි 2015 දිගුවක් සේ සලකා කටයුතු කරනවා. 2015 දී රටට හතුරු ප‍්‍රතිපත්ති පරාජය කරලා සැලකිය යුතු ජයග‍්‍රහණයක් අපි අත්පත් කරගෙන තියෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී හොඳම අපේක්ෂකයා තේරීමේ තරගය දැන් අපිට තිබෙනවා. ජනතාවත් අද බලාගෙන ඉන්නේ යහපාලන කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලායි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට අනුව අපි මේ තෝරා ගැනීම සිදු කරනවා.

ජනතාවට අපි කියනවා කලබල වෙන්න එපා කියලා. පවුලක් විසින් තෝරන අපේක්ෂකයෙක් දාන්න අපි කටයුතු කරන්නේ නැහැ. පවුලක් විසින් තෝරපු ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත් කිරීම කිසිදු ගැටලුවක් නැහැ. අපි ඔහු පරාජය කිරීමට කටයුතු කරනවා.

දැන් එතුමා අධිකරණය මග අරින්න උත්සාහ කරමින් සිටිනවා. අධිකරණයට මුහුණදෙන්න බැරි කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට එනවා නම් සිවිල් පුරවැසි බලවේග විදියට ඔහු ජනාධිපති වීම වැළැක්වීම සඳහා අවශය සියලු ක‍්‍රියාමාර්ග අපි ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස