එජාපය සතුව පැවති රූපවාහිනිය ජනපති පවරා ගැනීම ව්‍යවස්ථා විරෝධියි! දඹර අමිල හිමි තේනුවර සමග ශ්‍රේෂ්ඨාධිකරණයට!

September 18, 2019 at 1:50 pm | by emanisa.lk

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඊයේ (17 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන ලදී. ජනාධිපතිවරයා කැබිනට් නොවන ඇමැති රුවන් විජයවර්ධන යටතේ පාලනය වූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට ගැනීමට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාට වෙනත් අමාත්‍යාංශයක් යටතේ පාලනය වූ ශ්‍රී ලංකා රූපවාහිනිය ඔහුගේ ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

පෙත්සම පිළිබඳ විභාගයක් පවත්වා අවසානයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ශ්‍රී ලංකා රූපවාහිනිය පවරා ගැනීමට ජනාධිපති නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වහාම අත්හිටුවන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස