උපන් දින සාදයට ගිය පොලිස් නිලධාරියාට කොරෝනා! පවුල් 36ක 165ක් නිරෝධායනයට!

November 1, 2020 at 2:25 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාධිත වූ පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 36ක පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (01) දා පැවසී ය.

මේ වන විට එම ප්‍රදේශයට පොලිස් මුරපොළක් යොදවා සංචරන සීමා පනවා, ව්‍යාපාරික ස්ථාන කීපයක් ද වසා දැමීමට රස්නායකපුර පොලීසිය පියවර ගෙන ඇත.

කොළඹ ප්‍රදේශයේ රාජකාරි කරන පොලිස් නිලධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ පැවති උපන් දින සාදයට සහභාගී වී ඇති අතර, ඉන් දින දෙකකට පසුව පොලිස් නිලධාරීයාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු විය.

මේ හේතුවෙන් එම උපන්දින සාදය පැවති නිවසේ සාමාජිකයන් ඇතුළු සහභාගී වු ආශ්‍රිතයනගේ පවුල් 36ක් මෙලෙස නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස