උතුරේ දෙමළ සන්ධාන ආධිපත්‍යය බිඳ වැටෙයි! දෙමළ සන්ධාන විරෝධී නව සන්ධානයක් මතුවෙයි!

August 1, 2019 at 4:31 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයට එරෙහි නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළුවලට විසඳුම් ගෙන ඒම වෙනුවෙන් උතුරේ දේශපාලන පක්ෂ ඒකරාශී කරමින් මෙම සන්ධානය ගොඩනගන බව ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරි මහතා පැවසීය‍.

මේ වනවිට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඒ සඳහා එකඟත්වය හා කැමැත්ත පළකර තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානය දේශපාලන වාසි අරබයා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් පාවාදෙන බවත් එම ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් ජනතාවාදී දේශපාලන බලවේගයක අවශ්‍යතාවක් පවතින බවත් හෙතෙම පැවසීය.

දෙමළ ජනතාවගේ අර්බුදයට විසඳුම් ගෙන ඒමට නම් දෙමළ දේශපාලන පක්ෂ පොදු ස්ථාවරයක සිටිමින් පුළුල් දේශපාලන බලවේගයක් පිහිටුවාගත යුතු බවට සහ ඒ සඳහා ද්‍රවිඩ විමුක්ති පෙරමුණ මූලිකත්වය ගතයුතු බවට උතුරේ සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලීම් කළ බවත් ඔහු කියා සිටියේය.

දැකටමත් උතුරේ දේශපාලන පක්ෂ රැසකටම ආරාධනාව කර ඇති බවත් ඒ සඳහා සාකච්ඡා ද නුදුරේදීම අරඹන බවත් ඉදිරි මැතිවරණයට පෙර නව සන්ධානය ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස