ඉස්ලාම් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන සියල්ල අවසන් සහ අවසන් නැතැයි පාස්කු කමිටුව දෙකට බෙදෙයි! ෆොන්සේකා සහ සුමන්දිරන් කා කොටා ගනී! හමුදාපතිට හිනා! (video)

August 1, 2019 at 8:24 am | by emanisa.lk

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාකර සභාවේ සාමාජිකයන් වන සරත් ෆොන්සේකා හා එම්.ඒ. සුමන්තිරන් අතර ඊයේ (31) උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

ප‍්‍රහාරයට අදාළ සියලු ත්‍රස්තවාදීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවට සහ සියල්ල 100%ක් අවසන් බවට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් කරන ලද ප‍්‍රකාශයක් පිළිබඳ සරත් ෆොන්සේකා තම එකඟතාව පල කිරීමත් සමග මෙම තත්වය ඇති විය.

එහිදී සරත් ෆොන්සේකාට විරුද්ධ වෙමින් එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේ එම කමිටුවේ මතය නොවන බවයි. සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ මෙහි ප්‍රකාශ වන සියලු අදහස් එකිනෙකාගේ පෞද්ගලික අදහස් මිස කමිටුවේ අදහස් නොවන බවය. මේ අවස්ථාවේ ජයම්පති වික්‍රමරත්න මැදිහත් වී ගැටුම සමනය කිරීමට උත්සාහ කළේය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අද පෙරවරුවේ නැවතත් විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුවිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස