කුරානය තහනම් කරනු! ඉස්ලාම් අන්තවාදය පරදන්නේ එහෙමයි…! – හෙළ උරුමය..

April 20, 2021 at 1:08 pm | by emanisa.lk

ජාතික හෙළ උරුමයට අනුබද්ධිත හෙළ බොදු සවිය සංවිධානය මගින් නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

ආගමික ග්‍රන්ථයක් වන කුරාණය තහනම් නොකර
ඉස්ලාම් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමිය නොහැකිය.

පාස්කු ප්‍රහාරයට වසර දෙකකි. මෙම ත්‍රස්ත ප්‍රහාරයට වග කිවයුතු අයට දඩුවම් දිමක් හෝ මින් ඉදිරියට එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල නොවිමට අවශ්‍ය පියවර ගැනීමට බලධාරින්ට හැකි වුයේද? නැත. මෙම ප්‍රහාරයට ලක්වු අහිංසක ජනතාවට වූ සාධාරණය ඉටුවුවා ද? නැත. මෙම සිදු වීමට ප්‍රධානම හේතුවන කාරණයට වැට බැදිමට වඩා ආණ්ඩුවේ බලධාරින් ද මැල්කම් රංජිත් අගරදගුරු තුමාද අදුරේ අතපත ගාමින් සිටිති.අගරදගුරු තුමා පෙන්වා දෙන්නේ මෙය දේශපාලනික ප්‍රහාරයක් බවයි. එවිට ඉස්ලාම් අන්තවාදින් වෙනත් රටවල සිදු කරන ත්‍රස්ත ප්‍රහාරත් දේශපාලනික ප්‍රහාර ද? නැත.

මෙය හුදෙක්ම ආගමික අන්තවාදය මගින් ඇති කරන උමතුවක් මගින් සිදු කරන ආගමික ත්‍රස්තවාදයකි. එම අන්තවාදය ආරම්භ කරන්නේ කුරාණය නැමැති ආගමික ග්‍රන්ථයෙනි. කුරාණය පමණක් නොව බයිබලය ද හින්දු ආගමික ග්‍රන්ථ වන වේද – වේදාන්ත කෘතිවල ද අන්‍යාගමිකයන්ගේ අන්‍යජාතිකයන්ගේ ජිවිත විනාශ කොට ස්වර්ගයට යන්න මග සලසා ගන්නා ලෙස සඳහන් වැකි වෙයි. එබඳු ඉගැන්වීම් කුරාණයේ ඉතාම බහුලය. මේ ප්‍රහාරය එවැනි ඉගැන්වීම් වල ප්‍රතිපලයකි. මේ තිත්ත ඇත්තට අපි සෘජුවම මුහුණ දිය යුතුය.පිළි ගතයුතුය.

අල්ලාහ් (දෙවියන්වහන්සේ)ගේ වදන් යැයි මුසල්මානුවන් සලකන කුරාණයේ එබඳු වැකි වලට උදාහරණ කිහිපයක් පහත දැක්වේ. කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලාහ් ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය.(අල්ලාහ් වෙනුවට වෙනත් පිළිම ආදිය වන්දනාමාන කිරීම) ඔවුන්ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය. කුරානය: 8.60. අල්ලාහ් ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න. ජිහාඩ් (අවිශ්වාස කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).කුරානය: 2.191. මිත්‍යා දෘෂ්ටිකයන් අල්ලා ගන්නා සෑම විටකම, ඔවුන් මරා දමන්න. කුරානය: 2.193. තවදුරටත් මිත්‍යාදෘෂ්ඨිය (අල් ෆිට්නා) හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලාහ් ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. මේ බව අවබෝධ කරගත් ඇතැම් රටවල මෙවැනි ආගමික ඉගැන්වීම් තහනමට ලක්කර ඇත.එසේ නොකර මෙම ප්‍රහාරය දේශපාලනය ප්‍රහාරයක්, ත්‍රස්තවාදි ප්‍රහාරයක් කියමින් සිටිමෙන් පලක් නැත.

ඉස්ලාම් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමිට අවශ්‍ය නම් අඩුම තරමින් කුරාණය නැමැති ආගමික ග්‍රන්ථයේ ත්‍රස්තවාදයට හේතුවන කොටස් හෝ ඉවත් කිරිමට හෝ බලධාරින් ක්‍රියා කළ යුතු වේ. එසේ නොකර අදුරේ අතපත ගැමෙන් පලක් නැත. එසේ නොකරන්නේ නම් ඉදිරියේ දි ද මෙවැනි ප්‍රහාර එල්ල විමේ ඉඩ කඩ බොහො වැඩිය.
සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි
සභාපති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස