ගෝඨා ජනාධිපති වුණා කියල කුරානය වෙනස් කරන්න බෑ…! සල්ලි තියෙන එකා කසාද 3-4ක් කර ගත්ත ද ආණ්ඩුවට මොකද…! – අසාද් සාලි…

March 10, 2021 at 9:50 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූවා කියා කුරානයේ ඇති නීති වෙනස් කළ නොහැකි බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සඳහන් කරයි.

එසේ වෙනස් කළ ද මුස්ලිම් ජනතාව එය පිළිගන්නේ නැතැයි ද පවසන ඔහු මුස්ලිම් නීති වෙනස් කළ ද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාවන් නීතිවලින් වෙනස් කළ නොහැකි යයි ද කියා සිටී.

මුස්ලිම් ජාතිකයෙකු විවාහ කිහිපයක් සිදු කරන්නේ හැකියාව අනුව බවත් රැක බලා ගැනීමට හැකියාවක් ඇතිනම් විවාහ තුනහතරක් සිදුකරගැනීමේ ප්‍රශ්නයක් කුමක්දැයි ඔහු විමසා සිටියේය.

බහු විවාහ සිදු කර ගන්නේ තවත් අයට පිහිට වීමේ අරමුණින් බව ද ඔහු පෙන්වා දෙයි. එහෙයින් මුස්ලිම් නීති වෙනස් කිරීමට උත්සාහ කර අනවශ්‍ය අර්බුද නිර්මාණය කිරීමට කටයුතු නොකරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *